ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සැසිවාරයට සහභාගිවීම සදහා සෞඛ්‍ය ඇමැති ජිනීවා නුවරට

29

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරය අද (21) සිට (26) දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වෙයි.

එම වාර්ෂික සැසිවාරය නියෝජනය කිරිම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (19) දිවයිනෙන් පිටත්ව ගියහ.
සාමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන් රැසක් සැසිවාරයට එක්වීමට නියමිතය. වසර 2023 වන විට ජිවිත මිලියන 29 ක් රැක ගැනීමේ අරමුණ ඇතිව මෙවර සැසිවාරය පැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
ජිනීවා නුවර පැවැත්වෙන 71 වන වාර්ෂික සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව යන මැයෙන් විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය. මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරු රැසක් හමුවීමට ද නියමිතව ඇත.