මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට හැක – ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත්වන්න

Share

දිවයිනට බස්නාහිර හා දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතීන් හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හා හම්බන්තොර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (22දා) පෙ.ව. 9.30 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

එසේම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read more

Local News