අධ්‍යාපන අැමති ත්‍රිකුණාමලය ශාන්ත මරියා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙයි

Share

ත්‍රිකුණාමලය ශාන්ත මරියා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, ජාති, ආගම්, කුල භේද නොසලකා රටේ අධ්‍යාපනය දියුණු කිරීමට වත්මන් රජය කැප වී ක්‍රියා කරන බවයි‍.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 30 වසරක කුරිරු යුද්ධය හේතුවෙන් බැට කෑ එම පළාත්වල ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීමට වත්මන් රජය නිරන්තරයෙන් ඇප කැප වී සිටින බවයි.

තමන් මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත් වූ විගසම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් වෙත උපදෙස් දුන්නේ, දශක 03 ක් පුරා පැවති යුද්ධය හේතුවෙන් කඩා වැටුණු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කිරීමට බවත් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ, උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පාසල් රැසක් මේ වන විටත් සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බවත්, නැගෙනහිර ප්‍රදේශය තුළ පාසල් සංවර්ධනය සඳහා පමණක් රුපියල් මිලියන අටදහසක මුදලක් රජය විසින් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම මුදල 2015 ට පෙර, පාසල් සංවර්ධනය කිරීම සඳහා රටේ පළාත් නවයටම වෙන් කළ මුදල බවත්, අද නැගෙනහිර පළාතට පමණක් එවැනි මුදලක් වෙන් කිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත් වන බවත් පැවසීය.

 

Read more

Local News