විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (21) කටුනායක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඔහු ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී ය.

මොහු පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තම ගමන් මල්ලේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,000 ක් අඩංගු, දුම්වැටි කාටූන් 110 ක් සඟවා ගෙන සිට ඇත.

ඒවායේ වටිනාකම රුපියල් 11,00,000 ක් බව රේගුව පවසයි.

Read more

Local News