Tuesday, March 19, 2024.

පොහොර අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කෙරේ

Share

පොහොර අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කොට ඒ බව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.

වෙළෙඳුන් විසින් ගොවීන්ට වැඩි මිලට පොහොර අළෙවි කිරීම වැළැක්වීමට පියවරක් ලෙස මෙම තීරණය ගෙන අැත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, එය පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් මේ සතියේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු අැති බවයි.

වී ගොවීන්ට පොහොර මිටියක් රුපියල් 500 බැගින් නිකුත් කරනු ලබන අතර අනෙකුත් බෝග සඳහා වන පොහොර මිටියක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1500ක මිලකටය.

සමහර වෙළඳුන් පොහොර කිලෝ ගණනට අලෙවි කරන බවට සහ තවත් අය පොහොර වර්ග මිශ්‍රකොට මිශ්‍රපොහොර ලෙස වැඩි මිලට අලෙවි කරන බවත් මින් ඉදිරියට එසේ පොහොර විකුණන වෙලඳුන් වැටලීම සඳහා පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

වැඩිමිල ගණන්වලට පොහොර අලෙවි කරන වෙලඳුන්ගේ අලෙවි නියෝජිත තනතුරු අහෝසි කරන ලෙස පොහොර සමාගම්වලට දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

Read more

Local News