සා.පෙළට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ

Share

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දැන් ආරම්භ කොට ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

ඇතැම් විදුහල්පතිවරුන් හැදුනුම්පත් ලබාගැනීමට අවශ්‍ය සිසුන්ගේ අයදුම්පත් මෙතෙක් තම දෙපාර්තමේන්තුවට එ්වා නැතැයි ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම විභාගයට සිසුන් 3,50,000ක් පමණ පෙනී සිටියි. එහෙත් ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා අයදුම්පත් එ්වා ඇත්තේ ඉන් සියයට 60%ක් පමණි. මේ සඳහා වූ අයදුම්පත් මාර්තු 31 දාට පෙර එවන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත පසුගිය ජනවාරි මාසයේ දී චක්‍රලේඛනයක් මඟින් දැනුම් දී තිබුණි. ලැබී ඇති අයදුම්පත් අතර දෝෂ සහිත අයදුම්පත් රාශියක් තිබෙන බව ද වියානි ගුණතිලක මහතා පැවසී ය.

ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා අවසන් මොහොතේ අයදුම්පත් එවීමෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් හැකි ඉක්මනින් අයදුම්පත් එවන ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පුද්ගලයින් ලියපදිංචි කිරීමේ කොමසරිස් ජනරල්වරයා ප්‍රාකාශ කර සිටියි.

Read more

Local News