අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 9815කට අයත් පුද්ගලයින් 38,040ක් තවදුරටත් පීඩාවට

Share

දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 15 කට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 9815කට අයත් පුද්ගලයින් 38,040ක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු දැනටමත් මිය ගොස් ඇත.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අකුණු අනතුරු, පස් කඳු කඩාවැටීම්, දියේ ගිලීම් සහ ගස් කඩාවැටීම්වලින් මෙම මරණ සිදුව ඇති බවයි.

දැඩි වර්ෂාවත් ඇති වූ සුළං හේතුවෙන් පූර්ණ නිවාස හානි 19ක් හා අර්ධ නිවාස හානි 918ක් වාර්තා වෙයි.

පීඩාවට පත්ව සිටින සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට මේ වනවිට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read more

Local News