IVF ප්‍රතිකාර කාසල් වීදීයේ කාන්තා රෝහලට – ප්‍රියංගනී සේනාධීර මහත්මිය

Share

අද (26)ට යෙදෙන ජාතික පවුල් සැලසුම් දිනට සමඟාමීව ඊයේ (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සැමරුම් උළෙලට පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රියංගනී සේනාධීර මහත්මිය එක්වෙමින් පැවසුවේ ලංකාවේ පළමුවරට IVF ප්‍රතිකාර කාසල් වීදීයේ කාන්තා රෝහලෙහි ඇති කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු ව ඇතැයි ද ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති බවයි.

මේ වන විට IVF ප්‍රතිකාර පෞද්ගලික රෝහල්වල පමණක් ඇති බවත් ඉදිරියේ දී පළාතට එක රෝහලක්වත් බැගින් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

 

Read more

Local News