කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතිනවීන තාක්ෂණය 100% ක් සාර්ථක බීජ නිපදවීමට යොදාගනී

Share

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය සහතික කළ බීජ හා රෝපණ ද්‍රව්‍ය එනම්, බිත්තර වී, අතිරේක ආහාර බෝග, එළවළු බීජ, අර්තාපල් බීජ ඇතුළු බීජ වර්ග නව තාක්ෂණය යොදාගනිමින් 100% ක්ම නිවැරදි හා සාර්ථක බීජ නිපදවීම සිදුකරනු ලබයි.
කුණ්ඩසාලේ, බීජ පර්යේෂණ ආයතනයේ වාර්තා අනුව මේ වන විට අතිනවීන තාක්ෂණයෙන් යුත් ස්කෑන් යන්ත්‍ර පවා යොදාගනිමින් බීජ නිෂ්පාදනය කිරීම සිදු කෙරේ.
සහතික කරන ලද බීජ අතරින් පසුගිය වසරේ පරීක්ෂාවට ලක්කරන ලද, බිත්තර වී ප්‍රමාණය මෙ.ටො. 10,680 කි. එමෙන්ම අතිරේක ආහාර බෝග බීජ ප්‍රමාණය මෙ.ටො. 1,302 කි. එළවළු බීජ ප්‍රමාණය මෙ‍.ටො. 36 කි.
සහතික බීජ හා රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණය 20% කින් ඉහළ නැංවීමටත්, බීජ හා රෝපණ ද්‍රව්‍ය සහතික කිරීමට ජෛව තාක්ෂණය භාවිත කිරීමටත්, නව නිර්දේශිත බෝග සඳහා සහතික කිරීමේ ක්‍රමවේද සැකසීම මෙන්ම බහුවාර්ෂික බෝගවල නව ප්‍රභේද ගණනාවක් නිදහස් කිරීමටත් එම ආයතනය සැලසුම් කර ඇත.

Read more

Local News