හෙරොයින් සමඟ මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට

Share

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 340ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (23) උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.
පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තයේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24.4ක් බවයි.

Read more

Local News