ලෝක උරුමයක් වන ටජ් මහල විනාශයට පත් වෙමින් තිබේ

Share

ලෝක උරුමයක් වන ටජ් මහල විනාශයට පත් වෙමින් තිබෙන බව ඉතිහාසඥයින් පෙන්වා දෙයි. ටජ් මහල අාරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලිම් කර අැති බව ඉතිහාසඥයින් හා මාර්ගාේපදේශකයින් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, වසර 30ක් තුළ අග්රා ප්‍රදේශයේ පරිසර දුෂණය ද ඉහල ගොස් අැති අතර වායු දුෂණය අතින් ඒ ප්‍රදේශය තුන්වන ස්ථානයේ පසුවන බවයි.

ටජ් මහලේ බිත්ති කහපැහැ ගැන්විම අැතුළු පාරිසක ගැටලු කිහිපයක් මතුව අැති බවයි ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ.

ටජ් මහල පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉන්දීය අධිකරණය ද මීට පෙර දැනුම් දී තිබේ.

Read more

Local News