කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ටත් සහනාධාරයක්

Share

කාබනික ගොවිතැන දිරිමත් කිරීම සඳහා මෙවර යල කන්නයේ සිට කාබනික පොහොර භාවිතා කර වී වගා කරනු ලබන ගොවීන් වෙනුවෙන් පොහොර සහනාධාර ක්‍රමයක් ඇතිකොට ඒ මඟින් ඔවුන්ට මූල්‍යාධාර සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම පොහොර සහනාධාර ක්‍රමය යටතේ එක් එක් කන්නයේ දී කාබනික පොහොර භාවිත කර වගා කරනු ලබන ගොවීන් හා එලෙස වගා කරන භූමි ප්‍රමාණයන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හඳුනාගෙන අදාළ මූල්‍යාධාර
ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙනු ඇත.

දැනට රසායනික පොහොර භාවිතා කර වී වගාකරන ගොවීන්ට පොහොර සඳහා සහනාධාරයක් ලැබේ. කාබනික ගොවිතැනෙහි යෙදෙන ගොවීන්ට එම සහනය නොලැබෙන හෙයින් ඔවුන්ට ද සහනාධාර ලබාදීමේ අරමුණින්
කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.

රසායනික පොහොර මිල ගණන්වල මිල වෙනස්වීම් අනුව කාබනික ගොවීන්ට ලබාදෙන මූල්‍ය ආධරය ද ගලපනු ඇත. අමාත්‍ය මණ්ඩල සංදේශය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇත.

Read more

Local News