පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක

Share

ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීන් පවසයි.

මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව දැනගන්නට ලැබේ.

 

දියවන්නා ඔයේ ජල මට්ටම ගැන නාවික අංශ නිලධාරීන් ද මේ දිනවල අවධානයෙන් පසුවෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News