නිරිත දිග කොටසට තවදුරටත් වැසි – පළාත් කිහිපයකට සවස 2.00 න් පසු

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර ම බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100-150ක පමණ තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News