මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි – ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට බස්නාහිර, නිරිත සහ උතුරු දෙසින් ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් වර්ධනය වී ඇති බවයි.

ගාල්ල සිට කොළඹ, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමේ හැකියාව පවතී.

මේ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

Read more

Local News