අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින බවට දැනුම් දෙයි

Share

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටින බවට එරට පොලීසිය ශ්‍රී ලංකා පොලිසිය වෙත දන්වා එවා ඇතැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (24) දකොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දැනුම් දුන්නේය.
ඒ මහතා සම්බන්ධයෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවට අනුව ජාත්‍යන්තර පොලිස් සම්බන්ධීකරණ කාර්යාලය (ඉන්ටර්පෝල්) රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඔහු මෙරට සම්භවයක් ඇති සිංගප්පූරු පුරවැසියකු බැවින් මෙරටට ගෙන්වා ගැනීම අභ්‍යන්තර පියවර ගනිමින් සිටින බවටත් කෝදාගොඩ මහතා අධිකරණයට කියා සිටියේය.

Read more

Local News