ආගමන හා විගමන නිලධාරින්ගේ වෘත්තීය ගැටලු ජනපතිගේ අවධානයට

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක්  ඊයේ (24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

ආගමන හා විගමන නිලධාරින් මුහුණදී සිටින වෘත්තීය ගැටලූ කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබද ජනාධිපතිතුමාගේ පුඵල් අවධානය යොමු කෙරිණි.

එම ගැටලූ පිළිබද ඉදිරි දිනවලදී අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර පියවරෙන් පියවර විසදුම් ලබාදීමට ද මෙහිදී එකගතාවය පළ විය. ආගමන හා විගමන සේවයේ සංවර්ධනයට ගතයුතු ඉදිරි පියවර පිළිබදව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවිය. ආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ද ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.

Read more

Local News