මොරගස්වැව ප්‍රදේශයේ දී මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Share

අද (25) අලුයම මොරගස්වැව ප්‍රදේශයේ දී හබරණ සහ ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදාහැරීම කළ බව කියන ජාවාරම්කරුවන් දෙදෙනකු ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු මත්කුඩු තොගයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු මිලදීගෙන ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මත්කුඩු ද සමඟ මෙම ජාවාරම් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීන් සඳහන් කළේය.

Read more

Local News