රු.මිලියන 300 ක ප්‍රදානයෙන් ඉදිවන නව නිවාස 153ක වැඩ අරඹයි – මුල්ගල තැබීම හෙට

Share

අපවත් වී වදාල කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි නමින් ගොඩනගන ලද අනුරාධපුර, මහවිලච්චිය, දුනුමඩලාව, “මාදුළුවාවේ ශ්‍රි සෝභිතගම” ගම්මානයේ ජනතාව වෙනුවෙන් කථානායක කරූ ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දියානු රජයෙන් ලැබුනු රු.මිලියන 300 ක ප්‍රදානයෙන් ඉදිවන නව නිවාස 153 ක වැඩ අරඹමින් මුල්ගල තැබීමේ උත්සවය හෙට (27) පැවැත්වීමට නියමිතය.

අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කතානායක කරු ජයසුරිය මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන්, සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ඉන්දියාණු මහකොමසාරිස් තරන්ජිත් සිං යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මැයි 27 දින ප.ව 2.30 ට මෙම උත්සවය පැවැත්වෙයි.

Read more

Local News