මඟුලාගම පාලම අසලදී ජල පහරකට අසුවී පුද්ගලයෙකු අතුරුදහන්

Share

පඬුවස්නුවර – තෝරකොටුව මඟුලාගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු මඟුලාගම පාලම අසලදී කලුබුළු ඔය පිටාර ගැලීමෙන් පැමිණි ජල පහරකට අසුවී ඊයේ (25) අතුරුදහන් වී ඇති බව හෙට්ටිපොල පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අනුක්හේන මඟුලාගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.              

අතුරුදහන් වූ පුද්ගලයා සොයා හෙට්ටිපොල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Read more

Local News