පරිගණක, රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමට ඉඩ ඇත

Share

පරිගණක හෝ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමට ඉඩ ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ වෙසෙන 390,089 දෙනෙකු යොදා ගෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද එම අධ්‍යයනයේදී එම පිරිස විවේක කාලයේ දී කෙතරම් වේලාවක් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටින්නේ ද යන්න නිරීක්ෂණය කරන ලදි.

රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීම, අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රෝගී බවට පත්වීමේ අවදානම මෙන් දෙගුණයක් පමණ යයි එහිදී හෙළි වූ බව පර්යේෂකයෝ පවසති.

විවේක කාලය තුළ එක ස්ථානයක සිට ඩිජිටල් තිරයක් දෙස බලා සිටීමෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් හෘද රෝග වැළඳීමේ දැඩි අවදානමක් ඇති අතර, එය පුද්ගලයෙකුගේ මරණය ඉක්මන් කිරීමට ද හේතු විය හැකිය.

වැඩි කාලයක් තිර දෙස බලා සිටීම “මරණය ඉක්මන් වීමට” හේතුවක් වන අතර හදවත් රෝග සහ පිළිකා ඇති වීමේ දැඩි අවදානමක් ඇති කරන බව ඔවුන් පෙන්වා දෙයි‍‍.

Read more

Local News