මොටර් රථයක් ප්‍රපාතයකට පෙරැළී අනතුරක් – ගමන් කළ පිරිස අතුරුදන්

Share

හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදු වි ඇත.

හැටන් පොලිසිය පැවසුවේ, අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථය මාර්ගයේ සංඥා කුලුණක ගැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල් වත්ත ප්‍රදේශයේදි ඊයේ (27) රාත්‍රි 9 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.

මොටර් රථයේ ගමන් ගත් පිරිස අතුරුදහන් වි ඇති බවයි පොලීසිය පැවසුවේ.

Read more

Local News