මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියට වැටී මරුට

Share

පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රයේ බැඳිවැව ප්‍රදේශයේදී මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියට වැටී මියගොස් ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි.

ඔහු බිලි පිත්තක් යොදාගෙන වැවේ මාළු බාමින් සිටියදී හදිසියේම ඔහු දියට ඇද වැටී අැත.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු දියෙන් ගොඩට රැගෙන විත් රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි.

Read more

Local News