​අනුරාධපුරයේ ඉදිකෙරෙන මාදුළුවාවේ සෝභිත හිමි ගම්මානයට මුල්ගල තැබේ

Share

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මාණය කරමින් ​​අනුරාධපුර​ විලච්චිය ප්‍රදේශයේ​ ඉදිකෙරෙන ”මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි ගම්මානයට” මුල්ගල තැබේ.

කතානායක කරු ජයසූරිය මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මුල්ගල තැබීම සිදු විය.

සෝභිතහිමි ගම්මානයේ ඉදිකෙරෙන නිවාස වලට අදාළ ඉඩම් ඔප්පු එම පවුල් 150 වෙත පිරි නැමීමද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් මෙහිදී සිදුකෙරුණි.

Read more

Local News