ජාතික නාමල් උයන මතු පරම්පරාවට උරුම කරදීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාදීමට යයි

Share

ජාතික නාමල් උයනේ නඩත්තු කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමකින් ලබාදීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නාමල් උයන නිර්මාතෲ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කළේ,

ජාතික, ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්ද පිහිටි නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්, සංචාරක ආකර්ෂණය ඇති කොට සංවර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීමට තීරණය කර තිබෙන බවයි.

ජාතික නාමල් උයන සුවිශේෂී පරිසර පද්ධතියක්. ජාතික වශයෙන්, භූගෝලීය, ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් වැදගත් වෙනවා. 1991 වර්ෂයේ ජාතික නාමල් උයන ම ආරම්භ කළා. මේ සඳහා වෙහෙසී කටයුතු කළා.වසර 27ක් අභියෝග මැද්දේ මේ කටයුත්ත කළා. මේ මොහොත වනවිට පසුගිය කාලය පුරා සියලු රාජ්‍ය නායකයින් සහයෝගය දක්වා තිබෙනවා. වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සුවිශේෂී සහයෝගයක් ලබාදුන්නා.

මේ වනවිට ජාතික නාමල් උයන දෙස්, විදෙස් සංචාරක ආකර්ෂණයට ලක් වී තිබෙනවා. මාගේ කාලයෙන් පසු මේ ස්ථානය විනාශ වෙන්න ඉඩ දිය නොහැකියි. ඒ නිසා මෙම ස්ථානයේ ඉදිරි කටයුතු කරගෙන ගොස් අනාගත
පරපුරට දැකගත හැකි ආකාරයට සුරක්ෂිත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ගිවිසුමකින් පවරා දීමට තීරණය කළා. මෙම කටයුත්ත අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මාසයේ දී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ජාතික නාමල් උයන සංචාරක භූමියක් හැටියට සංවර්ධනය කරන බවයි.

Read more

Local News