භාෂා සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර – අමාත්‍ය මනෝ ගනේෂන්

Share

සියලුම රජයේ ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි භාෂ සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර ගැනේ.

මේ පිළිබඳව තමා ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි ජාතික ඒකාබන්ධතා, සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථාන, ශ්‍රවණාගාරයේ අද (28) පැවැති උත්සවයක දී පැවසී ය.

මේ සඳහා අයදුම් කරන සිංහල අපේක්ෂකයින් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාවට අමතරව දෙමළ භාෂාව ද සමත් විය යුතු අතර දෙමළ අයදුම්කරුවන් එම විභාගයේ දී දෙමළ භාෂාවට අමතරව සිංහල භාෂාව ද සමත් වී තිබිය යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම තනතුරු සඳහා බඳවා ගන්නා අයට පුහුණුවක් ලබා දී ඔවුන් සෑම රාජ්‍ය ආයතනයකට පත් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News