අන්තර්ජාලය මඟින් මුද්දර ඇණවුම් කර ගෙන්වා ගැනීමේ සේවාව ආරම්භ කෙරේ

Share

තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්යාංශය මඟින් අන්තර්ජාලය මඟින් ඇණවුම් කර ගෙන්වා ගැනීමේ සේවාව අමාත්‍ය එම්.එච්.ඒ හලිම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුණි.

මේ අනුව අන්තර්ජාලය ඔස්සේ මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම ඇණවුම් කර ගෙන්නා ගැනීමට හැකි වේ.

ක්‍රෙඩිට් කාඩ්, ඩේබිට් කාඩ් භාවිතයෙන් මෙම ගෙවීම සිදු කළ හැකි වේ. එසේම ජංගම දුරකථන මෘදුකාංගයෙන් ද (Mobile App) මුද්දර මිලදී ගත හැකි ද වෙයි.

මීට අමතරව නව සාමාජික ගිණුම් ආරම්භ කිරීම, ඒ සඳහා මුදල් ගෙවිම ආදී සේවා රැසක් නිවසේ සිටම සිදු කර ගැනීමේ හැකියාව මේ ඔස්සේ උදා වේ.

Read more

Local News