දුම්රිය තාක්ෂණික ශිල්පීන් පැය 48ක වර්ජනයක

Share

වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින් අද (29) දිනයේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසයි.

එම කමිටුවේ සභාපති පී. සම්පත් රාජිත සඳහන් කළේ අද සවස 04.00 සිට ලබන 31 වන දින සවස 04.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ සඳහා දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු අංශවල සේවකයින් 12,000ක් පමණ සහභාගීවිමට නියමිතය.

Read more

Local News