ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිගැනීමේ උත්සවය අද

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයෙන් පිදුම් ලද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පැමිණීමේ පර්යන්තයේ දී අද (30) පෙරවරු 9.45 ට පැවැත්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

රජයේ මැති ඇමැතිවරුන්ගේ, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ජන සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා  තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරය සහ විධායක මණ්ඩල රැස්වීම පසුගිය (21) සිට (29) දක්වා ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

Read more

Local News