ඉන්දියාව සහ ඉරානය අතර විශේෂ සාකච්ඡාවක් – දෙරටේ විදේශ අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතයි

Share

පසුගිය දින ඉරානය සමඟ පැවති න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වුවද රටවල් රැසක් පෙන්වා දෙනු ලැබුවේ මෙම ගිවිසුම තවදුරටත් පවත්වා ගත යුතු බවයි.

ඒ සඳහා ඉන්දියාව ප්‍රධාන වශයෙන් සහය පළ කර අැති බවත් සඳහන් වෙයි.

ඉදිරියේදි ඉන්දියාව සහ ඉරානය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ. ඒ න්‍යෂ්ටික ගිවිසුම පිළිබදව සාකච්ඡා කිරිමටයි.

ඒ සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ ඉරාන විදේශ අමාත්‍ය මාෙහොමඩ් ජාවඩ් ෂාරීෆ් එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සතියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටිං අතර හමුවක් පැවැත්විණි. එහිදී සාකච්ඡා කර අැත්තේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳවයි.

මෙම ඉරාන ගිවිසුමෙන් ඉවත් වුවහොත් එය රටවල අාර්ථීකයට බලපෑම් අැති කරනු අැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී අැත්තේ‍‍.

(නිවන්දනා)

 

Read more

Local News