පාකිස්ථානයේ හිටපු අගවිනුසුරු නසීර් උල් මුල්ක් එරට අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරයි

Share

පාකිස්ථානයේ වත්මන් පාර්ලිමේන්තුව එළඹෙන බ්‍රහස්පතින්දා දින විසුරුවා හැරීමට නියමිතයි‍. ඒ අනුව පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වෙන තුරු එරට අන්තර්වාර අග්‍රාමාත්‍යවරයෙකු පත් කර අැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍.

ඒ 68 හැවිරිදි එරට හිටපු අග්‍ර විනිෂ්යකාරවරයෙකු වු නසීර් උල් මුල්ක්. ඔහු 2004 වසරේදී පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කර තිබේ.

එරට අග්‍රාමාත්‍යවරයා වන ෂහිඩ් කාන් අබ්බාසී ප්‍රකාශ කර අැත්තේ නසීර් උල් මුල්ක් එළඹෙන ජුනි 15 වන දින තෙක් මෙම තනතුරේ කටයුතු කර අැති බවයි.

මේ වන විට නසීර් උල් මුල්ක් ගේ නව පත්විම සඳහා පාකිස්ථානයේ පිටි අයි පක්ෂයේ ඉම්රාන් ඛාන් අැතුළු පිරිසක් සුභ පැතුම් එක් කර අැති බවත් සඳහන්‍‍.

පාකිස්ථානයේ ජුනි මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හරහා එරට උද්ගතව අැති ප්‍රශ්න වලට ඒ හරහා විසඳුම් ලැබෙනු අැති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ‍.

(නිවන්දනා)

Read more

Local News