ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට ප්‍රකාශයට පත් කෙරේ

Share

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31) ප්‍රකාශයට පත් කෙරේ.

කොළඹ අලුතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කිලෝමීටර 2කින් වැඩි වී ඇති බව මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත මහතා පැවසීය.

එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කොට තිබේ.

නව ශ්‍රී ලංකා සිතියමේ 1:500 පරිමාණයේ මුද්‍රිත පිටපත් ජූනි මස මැද භාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව ද උදයකාන්ත මහතා පවසයි.

එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැක.

Read more

Local News