තට්ටු ගණනකින් පහළට වැටෙන්නට ගිය ළදරුවෙකු බේරාගත් අප්‍රිකාවේ තරුණයාට ප්‍රංශ පුරවැසිභාවය

Share

මාමෝඩ් ගස්මා නම් තරුණයෙකු විසින් පසුගිය දින තට්ටු ගණනකින් පහළට වැටෙන්නට ගිය ළදරුවෙකු බේරා ගැනීමට සමත්ව තිබේ.‍

මෙම සිඳුවීමත් සමඟ ඔහුව ප්‍රංශයේ සිටින සුපර් මෑන් යන අන්වර්ත නාමයෙන් හඳුන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි‍‍‍. ඒ ඔහු ඉතාම ඉක්මනින් තට්ටු නැඟ ළදරුවා බේරා ගැනීම හේතුවෙනි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රම් විසින් මෙම සිඳුවිමේ තරුණයා වෙත සිය සුභ පැතුම පෞද්ගලිකවම එක් කර අැති අතර ඔහු වෙත ප්‍රංශයේ පුරවැසිභාවය ද ලබා දී තිබේ.

මාමෝඩ් ගස්මා දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රංශ ජනාධිපතිවරයා ඔහු අගයමින් පදක්කම් ද ලබා දී අැති බව සඳහන් වෙයි.

මේ වන විට මෙම ගස්මාගේ මෙම ක්‍රියාව ලොව බොහෝදෙනෙකු අතර කතාතරන්නට පෙළඹී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read more

Local News