ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි

Share

ලෝක දුම්වැටි විරෝධී දිනය අදට (31) යෙදී ඇත.

මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව ‘දුම්කොළ හා හෘද රෝග‘ යන්න යි.

ලෝක දුම්වැටි විරෝධී දිනය යෙදී ඇති අද දුම්කොළ හා ඒ ආශ්‍රීත නිෂ්පාදන අලෙවිය හා ඒවා පාවිච්චියෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඉල්ලීමක් කරයි.

දුම්කොළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විශේෂයෙන් දුම්වැටි භාවිතයෙන් ලොව පුරා ජනතාව විශාල වශයෙන් රෝගී වීමටත් මරණයට පත් වීමත් සිදු වේ.

මිනිස් සිරුරේ සෑම අංගයකටම දුම්කොළ නිෂ්පාදන භාවතයෙන් බලපෑම් සිදු වන බවට හඳුනාගෙන තිබේ.

දුම්කොළ භාවිතය හෘද රෝග වැළඳීම සදහා ප්‍රධාන හේතුවක් වන අතර හෘදයාබාධ, අංශ භාගය වැළඳීම මූලික හේතු වේ.

 

 

 

Read more

Local News