දුම්රිය වර්ජනය – අද විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණයක

Share

දුම්රිය තාක්ෂණික ස‌ේවා නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කර‌‌‌ගෙන ‌පෙරේදා පස්වරු 4.00ට ආරම්භ කළ සංක‌ේත වැඩ වර්ජනය අද (31) පස්වරු 4.00ට අවසන් කිරීමට කටයුතු සුදානම් කර ති‌බේ.

කෙස‌ේ ‌‌‌ව‌ෙතත් ම‌ෙත‌ෙක් සිය ගැටළු වලට බලධාරීන් විසඳුම් ලබා දිමට පියවර ග‌ෙන න‌ොමැති බැවින් අද ප‌ෙ‌රවරු‌‌වේ  විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණයක් ගන්නා බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි‍.

දුම්රිය තාක්ෂණික ස‌ේවා නිලධාරීන් තවදුරටත් වැඩ වර්ජනයක ‌යෙදී සිටියද අද දිනය‌ේදීත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවනු ඇති බවයි දුම්රිය ද‌ෙපාර්තමේන්තුව පැවසුවේ.

එසේ වුවත් දුම්රිය තාක්ෂණ ‌සේවා වෘත්තිය සමිති කමිටුවේ ල‌ේකම් කමල් පිරීස් මහතා ප‌ෙන්වා ද‌ෙන්න‌ේ මුලික පරීක්ෂා කිරිම්, නඩත්තු කිරිම්, මාර්ග ස‌ොදිසි කිරීම් න‌ොමැතිව දුම්රිය ධාවනය අවධානම් බවයි.

Read more

Local News