බඩඉරිඟු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සහතික මිලක් ලබාදීමට තීරණයක්

Share

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව විධිමත් කිරීමට හා බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබාදීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවති අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රටේ බඩඉරිඟු වගාව මේ වන විට ගොවීන් විසින් විශාල වශයෙන් සිදු කළත්, එම වගාව තවමත් විධිමත්ව නොමැති බවයි.

එම නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත්, ගොවීන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට බඩඉරිඟු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සහතික මිලක් ලබාදීමට තීරණය කරනු ලැබීය.

 

Read more

Local News