ඉන්ෆ්ලුවෙන්සා එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් රෝහල්වලට

Share

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (31) පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,

දකුණේ වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන්ට ලබාදීමට යෝජනා කර ඇති ඉන්ෆ්ලුවෙන්සා එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් රෝහල් වලට ලබාදීමට පියවර ගන්නා බවයි.

 දකුණේ වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන් සදහා යෝජනා කර ඇති එන්නත මාධ්‍ය කියන විදිහට ලබාදෙන්න බැහැ. එන්නත් ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. දේශපාලනඥයින් විදිහට ඇතැම් අය ජනප්‍රිය තීන්දු තීරණ ගන්නවා. නමුත් මම ජනප්‍රිය තීන්දු තීරණ ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට පිලිපීනයේ ජනාධිපතිවරයා එරට ඩෙංගු රෝගයට ගොදුරුවූවන් සදහා ඖෂධයක් ගෙන්වා තිබෙනවා. මේ වන විට ඒ පිළිබදව ජනාධිපතිවරයාට දුෂණ චෝදනා එල්ල වෙලා. ඒ ජනප්‍රිය තීන්දු තීරණ ගත්ත නිසයි. මම මෙම එන්නත පිළිබද සොයාබැලීම සදචහා විශේෂඥ වෛද්‍ය කමිටුවකට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කරනවා. එහි අනුමැතිය ලැබුනොත් පමණක් රෝහල් වලට ලබාදෙනවා. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වුවත් ගන්නා තීන්දු තීරණ හරිම ප්‍රබලයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය පිළීගෙන තිබෙනවා. අපි විද්‍යානුකූල සහ නිවැරදි තීන්දු ගත යුතුයි.

Read more

Local News