2018 වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙස රජය ඉල්ලා සිටී

Share

2018 වසර සඳහා වන අයවැය නොවැම්බර් මස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ඇතුළත් කළ යුතු තම යෝජනා ඉදිරිපත් කරන්නැයි ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන් හට අදාළ සියලු පාර්ශවකරුවන්ගෙන් රජය ඉල්ලා සිටියි.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා, පොහොසත් රටක් බිහිකිරීම සඳහා රැකියා දස ලක්ෂයක් උත්පාදනය කර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම සඳහා මෙම රජය බලයට පත්වීමෙන් පසුව අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති අතර මේ වනවිට දෙලක්ෂයක් පමණ නිවාස ඉදිකර නිවාස නොමැති අයට ලබාදී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය ප්‍රධාන තේමා කරගත් මෙම සම්මුතිවාදී රජය සෑම අවස්ථාවකදීම රටේ ආර්ථික අවශ්‍යතාවය මෙන්ම ජනතා අපේක්ෂාවන්ටද මුල් තැන දෙමින් කටයුතු කරන බැවින් වෘත්තීයවේදීන්, විද්වතුන්, ආර්ථිකයේ නිෂ්පාදන, කෘෂිකර්මාන්ත හා සේවා යන අංශවල නියැලී සිටින්නන් මෙන්ම පොදු මහජනතාවද අයවැයට ඇතුළත් කළ යුතු තම යෝජනා ඇත්නම් කොළඹ කොටුව මහලේකම් කාර්යාලයේ පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්තෝබර් මස 15 දිනට ප්‍රථම යොමුකළ හැකිය.

 

 

Read more

Local News