“A” ශ්‍රේණියට උසස් වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සුභාශිංසනය

Share

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයන් අතරින් “A” කාණ්ඩයට ශ්‍රේණි ගතවීම අප රට ශිෂ්ඨ සම්පන්න ගෞරවණීය දේශයක් ලෙස ලෝකයා ඉදිරියේ ඔසවා තැබූ අවස්ථාවක් බව මාගේ විශ්වාසයයි.

විශේෂයෙන්ම එය ශ්‍රී ලාංකිකයන් යුක්ති ගරුක, සමානාත්මතාවය සහිත නිදහස් සමාජයක පුරවැසියන් පිරිසක්ය යන්න රට තුලත්, ජාත්‍යන්තරය හමුවේත් තහවුරු වීමකී. මෙය ජාතියක් ලෙස අප තැබූ විශිෂ්ඨ ඉදිරි පියවරකි.

මානව හිමිකම් ක්ෂ්‍රේත්‍රය තුල මෙම සම්භාවනීය තත්ත්වය අත්පත් කර ගැනීමට මානව හිමිකම් අංශ වලට අවහිරයකින් තොරව ක්‍රියාත්මක වීමට අවකාශ සැලසූ රජයටත්, ඒ උදෙසා සක්‍රීය කාර්යභාර්යක් ඉටුකළ මානව හිමිකම් කොමිසන් සභාවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  සභාපතිවරයා ලෙස මාගේ කෘතවේදීත්වය පිරිනමමි.

ඉදිරියේදී ද රටතුළ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ බලවත්, ශක්තිමත්, ස්වාධින යාන්ත්‍රණයක් ලෙස මිනිස් නිදහස හා අයිතිවාසිකම් සුරකීමට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි.

කථානායක,

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව.

Read more

Local News