ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට

Share

අදට (31) යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

”දුම්වැටි උවදුර වනසා දරිද්‍රතාවය අවම කර, සංවර්ධනය ප‍්‍රවර්ධනය කරමු” තේමාව යටතේ අද සිට ජූනි මස 30 දක්වා මෙවර කොඩි වැඩසටහන දිවයින පුරා ක‍්‍රියාත්මක කෙරෙන අතර ඊට සමගාමීව සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙම සමෘද්ධි කොඩි නිකුත් කිරීමෙන් රැස් කරන මුදල් සමෘද්ධි ප‍්‍රජාමූල සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් අඩුආදායම්ලාභීන් හා ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලැබේ.

Read more

Local News