මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ “රන් දියවර” ඔප්පු ප‍්‍රදානෝ්ත්සවය හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

ආහාර සුරක්ෂිතතාවයෙන් හෙබි සමෘද්ධිමත් සංවර්ධිත රටක් උදෙසා දැවැන්ත කැපකිරීමක් සිදුකරන ශ‍්‍රී ලංකාවේ ගොවි විරු පරපුරට අභිමානවත්ව නැගී සිටිය හැකි හෙට දවසක් උදාකරමින් සිය වගාබිම් හා පදිංචි ඉඩම් සඳහා සින්නක්කර උරුමය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගනු ලැබූ තීරණය තවදුරටත් යථාර්තයක් කරමින් මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ ඉඩම්ලාභීන් සඳහා ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය කිරීමේ “රන් දියවර” ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (01) පෙ.ව 10.00 ට අරලගංවිල මඟුල්දමන මහා විද්‍යාලයේදී පැවැත්වේ.

දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහනට ඇතුළත් මහවැලි කලාපයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ මෙය කි‍්‍රයාත්මක කෙරේ.

 

හෙට දිනයේදී මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ බෞද්ධ විහාරස්ථාන 22 ක් සඳහා නිදහස් දීමනා පත‍්‍ර හා රාජ්‍ය ආයතන 50 ක් සඳහා ඉඩම් පැවරීම ඇතුළුව ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය කිරීම සිදු කෙරේ.

Read more

Local News