නව ග්‍රාම නිලධාරීන් 1650 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද අගමැති ප්‍රධානත්වයෙන් අද

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බඳවා ගන්නා නව ග්‍රාම නිලධාරින් 1650 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙ.ව. 11.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2016 සැප්තැම්බර් මස 09 වැනි දින තරඟ විභාගයක් පැවැත්වුණු අතර එහි දී සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් සම්පූර්ණකර 3568 දෙනකුගේ ප්‍රතිඵල 2017 ජූලි මස 26 වැනි දින නිකුත් කරන ලදී. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී අදාල පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණි.

එම සම්මුඛ පරීක්ෂණ 2017 ඔක්තෝබර් මස 23 වැනි දින සිට නොවැම්බර් 21 වැනි දින දක්වා පැවැති අතර ඒවායේ ලකුණු නැවත 2018 පෙබරවාරි මස 16 වැනි දින විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී.

Read more

Local News