ඌව පළාතේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ගේ ගැටලුව විසදීමට පියවර – සෞඛ්‍ය ඇමති

Share

ඌව පළාතේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ගේ ගැටලු විසඳීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඌව පළාතේ 2018 වර්ෂයේ වෛද්‍ය රසායාගාර කාර්මික විද්‍යාඥයින්ගේ අනුමත පුරප්පාඩු සියල්ල පුරවා ඇත. අමතර වශයෙන් ඌව පළාත් සභාවෙන් පිටතට ස්ථාන මාරුවීම් ඉල්ලා ඇති අයට අනුප්‍රාප්තික නිලධාරීන් ලබා දී තිබේ. සේවක සංඛ්‍යාව අනුමැතියකින් තොරව ස්ථාන මාරුවීම් අනුප්‍රාප්තිකයින් රඳවා තබා ගැනීම නිසා දිවයින පුරා වෛද්‍ය රසායනාගාර සේවක අවශ්‍යතා ඇනහිට ඇත. මේ පිළිබදව පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා,

“විශේෂයෙන්ම පළාත් රාජ්‍ය සේවා කොමිසන්සභාව මෙවැනි කටයුතු කිරීමේ දී සේවා අවශ්‍යතා සහ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබදව සැළකිල්ලට ගත යුතුයි.එම නිසා මතුව ඇති තත්ත්වය කඩිනමින් නිවැරදි කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙනවා.”

Read more

Local News