වැසිසහිත කාළගුණය නිසා කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට

Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (1) අලුයම කාලයේ පැවති අධික වැසිසහිත කාළගුණික තත්වය නිසා මස්කට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව පැමිණියත්  ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති වැසි සහිත කාළගුණික තත්වය නිසා අලුයම 5.20 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පියවර ගෙන තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරණ යානය මෙසේ මත්තල වෙත ගොඩ බෑවේය.

ඒ වනවිට එහි මගීන් 130 ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read more

Local News