සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය රට “අපකීර්තියට” ලක් කිරීමේ වරදට අහමඩ් මන්සූර්ට දස වසරක සිරදඬුවමක්

Share

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය රට “අපකීර්තියට” ලක් කිරීමේ චෝදනාව මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට දස වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

සිව් දරු පියෙකු වන 48 හැවිරිදි අහමඩ් මන්සූර් පසුගිය වසරේ මාර්තු මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමට අවසර නොදී අහමඩ් මන්සූර් සිර කර තබා ගැනීම පිළිබඳ මානව හිමිකම් සංවිධාන එමීර් රාජ්‍යයේ බලධාරීන් විවේචනයට ලක් කර තිබේ.

දඬුවමට අමතරව ඔහුට ඩිරාම් දස ලක්ෂයක දඩයක් නියම කර ඇති අතර, බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු වසර තුනක් පුරා ඔහුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලැබේ.

අහමඩ් මන්සූර් සමාජ මාධ්‍යජාල ඔස්සේ “රටේ කීර්තියට හානි පමුණුවන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම” මෙන්ම “වෛරය හා බෙදීම් පැතිරීම” සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ති‌බේ.

Read more

Local News