අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක්

Share

අද (01) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති ‌වෙයි.

ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් ස්ථාන කිහිපයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති ‌වෙයි.

Read more

Local News