මහනුවර කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනය ජනපති සුරතින් ජනතා අයිතියට

Share

කලාකරුවන්ගේ ප්‍රයෝජනය සදහා මහනුවර කුණ්ඩසාලේ ඉදි කෙරුනු ජාතික කලා නිකේතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (02) දින ප.ව. 2.00 ට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

මිලියන 465 ක මුදලක් වැය කොට ඉදි කර ඇති මෙම ජාතික කලා නිකේතනය තුළ සියයකට අධික පිරිසකට නවාතැන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ. සම්පත් දායකයන්ටද නවාතැන් පහසුකම් සපයා ඇති අතර, සංස්කෘතිය සහ කලාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම වැඩමුළු සහ පාඨමාලා සදහා මෙම කලා නිකේතනය භාවිතා කළ හැකිය.

එළිමහන් රංග ශාලාවක් සහ පෙරහුරු ශාලා දෙකකින්ද සමන්විතවන මෙම ජාතික කලා නිකේතනය අක්කර පහක භූමි භාගයක ස්ථාපිත කොට ඇත. ලංකාවේ ඉදි වූ ජාතික මට්ටමේ එකම කලා නිකේතනය ලෙසද මෙය හැදින්විය හැකිය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මෙම ජාතික කලා නිකේතනය පාසල් හැර ගිය තරුණ තරුණියන් සහ කලාකරුවන් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීමට යොදා ගැනීමටද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සැළසුම් කොට තිබේ.

Read more

Local News