පුත්තලම් දිස්ත‍්‍රික්කයේ HIV අවදානමක්

Share

පුත්තලම් දිස්ත‍්‍රික්කයේ 2017 වර්ෂයේ හා 2018 වර්ෂයේ පළමු කාර්තුවේදි HIV රෝග පරික්ෂාව සඳහා පුද්ගලයන් 23798 ක් ලක්කර තිබේ.

එයින් 2017 වර්ෂයේදි එඩ්ස් රෝගීන් 4 දෙනෙක් හා 2018 වර්ෂයේ පළමු කාර්තුවේදි රෝගීන් 2ක් සොයාගත් බව පුත්තලම් දිස්ත‍්‍රික් ලිංගාශ‍්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය රෝහන් අමරජීව සඳහන් කරයි.

ඒ මහතා පැවසු‌වේ ‌මේ වර්ෂයේ පළමු කාර්තුවේදි හඳුනාගත් රෝගීන් දෙදෙනාම පුරුෂ පාර්ෂවය බවත් ඔවුන්ට මෙම රෝගය වැළඳි ඇත්තේ සමලිංගික සේවනය තුළින් බවට තහවුරු වු බවයි.

Read more

Local News