ආපදා කළමනාකරණයට ජන බලකායක්

Share

ආපදා කළමනාකරණය සඳහා ස්වේච්ඡා ජන බලකායක් පිහිටුවීමට පියවර ගන්නා බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අවදානම් ප‍්‍රදේශවලට මුල්තැන දෙමින් මෙම බලකාය පිහිටුවීමට සැලසුම් කර තිබේ. එක් ග‍්‍රාමසේවා වසමකින් දස දෙනෙකු මෙම බලකායට තෝරා ගැනීමට නියමිතයි. එමෙන්ම ඔවුන් වෙත මනා පුහුණුවක් ලබාදීමටද පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දිවයිනම ආවරණ වන පරිදි මෙම බලකාය පිහිටුවීමටත්, ඉදිරි මාස කිහිපය තුළ එම කටයුතු අවසන් කිරීමටත් අපේක්‍ෂිතයි. ජාතික ආපදා කළමනාකරණ කාර්යේදී පුළුල් දායකත්වයක් ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

දේශගුණික විපර්යාස, අවදානම් සහගත තත්ත්වයන් හදුනා ගැනීම, හදිසි ආපදාවකදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද, හා ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීමටද පියවර ගෙන තිබේ. ආපදා කළමනාකරණ ජන බලකාය සමග එක්වන සියලුම සාමාජිකයින් වෙත විශේෂ සමාජ වටිනාකමක් ලබාදීම සඳහා වූ ක‍්‍රමවේදයක් සැකසීමටද යෝජනා වී ඇති බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මෙම වැඩපිවෙළ සඳහා තෝරා ගත් පළමු කණ්ඩායමට පුත්තලම, වනාතවිල්ලුව, ගගේවාඩිය යුද හමුදා කඳවුරේදී පුහුණුව ලබා දීමට නියමිතයි. එම කටයුතු ලබන 23 දා ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News