එජාප මාධ්‍ය ‌‌‌‌ම‌ෙහ‌ෙයුම් ඒකක‌යේ තනතුර භාර ගැනී‌මෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා පැවැත්වු පළමු මාධ්‍ය හමුව අද

Share

ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය අප්‍ර‌ේල් මාසය‌ේ දී පක්ෂය‌ේ මාධ්‍ය ල‌ේකම් ‌ල‌ෙස පත්විය.

නව තනතු‌රේ වගකිම භාර ගැනීමෙන් පසු ඒ මහතා විසින් පක්ෂ‌යේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් වඩාත් ඵලසායි ලෙස ජනතාව වෙත ‌ගෙන යාම සඳහා මාධ්‍ය ‌‌‌‌ම‌ෙහ‌ෙයුම් ඒකකය යන නමින් නව මාධ්‍ය ඒකකයක් පිහිටුවනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය ‌‌‌‌ම‌ෙහ‌ෙයුම් ඒකකය ම‌ෙහ‌ෙයවීමේ වගකිම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ව‌ෙත නිළ වශයෙන් භාර දීම පසුගිය දා සිදු විය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය‌ේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ව‌ෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාර ‌ද‌ෙන ලදී.

මාධ්‍ය ‌‌‌‌ම‌ෙහ‌ෙයුම් ඒකකය සහ එක්සත් ජාතික පක්ෂය‌ේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර භාර ගැනී‌මෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන පළමු මාධ්‍ය හමුව අද ප‌ෙරවරුවේ සිරික‌ොත පරිශ්‍රය‌ේ දී පැවැත්විණි.

(රුවනිකා කුමාරදාස)

Read more

Local News